අස්ථි පිළිකා

අස්ථි පිළිකා වලට කරන ප්‍රතිකාර ඔබට ඇති අස්ථි පිළිකා වර්ගය, කෙතරම් දුරට එය පැතිරී ඇත් ද යන්න මත සහ ඔබේ සාමාන්‍ය සෞඛ්‍යය මත රදා පවති. ප්‍රධාන ප්‍රතිකාර නම් ශල්‍යකර්ම, රසායනික චිකිත්සක ප්‍රතිකාර(chemotherapy) සහ විකිරණ චිකිත්සාව(radiotherapy) යන ඒවායි.

ඔබේ ප්‍රතිකාර සැලැස්ම

ඔබගේ ප්‍රතිකාර, අස්ථි පිළිකා සදහා ප්‍රතිකාර කිරීමෙහි පලපුරුද්දක් ඇති විශේෂඥ මධ්‍යස්ථානයක් මගින් කළමනාකරණය කල යුතු අතර, එහිදී බහු විනය කණ්ඩායම (MDT) නම් විවිධාකාර සෞඛ්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් විසින් ඔබව රැකබලා ගනු ඇත. MDT හි සාමාජිකයන්ට විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු ( අස්ථි හා සන්ධි සම්බන්ධව විශේෂඥ වූ ශල්‍ය වෛද්‍යවරයෙක්), සායනික පිළිකා විශේෂඥයෙකු( ශල්‍යමට නොවන පිළිකා ප්‍රතිකාර සම්බන්ධ විශේෂඥයෙක්) සහ අනෙක් අයට අමතරව පිළිකා සම්බන්ධව විශේෂඥ හෙදියක් ද ඇතුලත් වේ. ඔබගේ MDT විසින් ඔබට සුදුසු යැයි ඔවුන්ට හැගෙනා හොදම ප්‍රතිකාරය නිර්දේශ කරනු ඇති නමුත්, අවසන් තීරණය ඔබේ වනු ඇත. ඔබට නිර්දේශිත ප්‍රතිකාර සැලැස්ම පහත ඒවායේ එකතුවක් විය හැකිය. එනම්:

  • පිළිකාව සහිත අස්ථියේ කොටසක් ඉවත් කිරීමට ශල්‍යකර්මයක් - ඉවත් කරන ලද අස්ථි කොටස ප්‍රතිස්ථාපනය හෝ ප්‍රතිසංස්කරණය බොහෝ විට කළ හැකි වුවත් සමහර අවස්ථාවන්හිදී සම්පූර්ණ ජේදනය අවශ්‍ය වේ
  • රසායනික චිකිත්සක ප්‍රතිකාර (Chemotherapy)- ප්‍රබල පිළිකා නාශක ප්‍රතිකාරයකි
  • විකිරණ චිකිත්සාව (Radiotherapy) - මෙහිදී පිළිකා සෛල විනාශ කිරීම සදහා විකිරණ යොදා ගැනීම සිදුකරයි

සමහර අවස්ථාවන්හිද, මිෆැමියුටයිඩ් Mifamurtide නම් ඖෂධයක් නිර්දේශ කිරීමට කල හැක.

සැත්කම්

අස්ථියේ පිළිකාව සහිත කොටස ශල්‍යකර්මයකින් ඉවත් කිරීම අස්ථි පිළිකා සදහා ප්‍රතිකාර වල වැදගත් කොටසක් වන නමුත්, එය බොහෝ විට පහත සදහන් කරන ලද වෙනත් ප්‍රතිකාර සමග එකතු කර සිදු කරයි. සාමාන්‍යයෙන් බලපෑමට ලක් වූ ශරීර කොටස සම්පුර්ණයෙන් ඉවත් කිරීම වලක්වා ගත හැකි වුවද (මෙය ලිම්බ් ස්පරින් - Limb-sparing) ශල්‍යකර්මය ලෙස හැදින්වේ, සෑම 10කින් 1ක් අයෙකුටම ගාත්‍රය ස්ථිරවම ඉවත් කිරීමට සිදුවිය හැක.( සම්පූර්ණයෙන්ම කැපීම - Amputation). ලිම්බ් ස්පරින් (Limb-sparing) ශල්‍යකර්මය- ලිම්බ් ස්පරින් (Limb-sparing) ශල්‍යකර්මය සාමාන්‍යයෙන් අස්ථියෙන් ඔබ්බට පිළිකාව පැතිරී නොමැති විට, සහ අස්ථිය නැවත ප්‍රතිසංස්කරණය කල හැකිවිට යෝග්‍ය වේ. වඩාත් බහුල (ලිම්බ් ස්පරින් -Limb-sparing) ශල්‍යකර්ම වර්ගය නම් බලපෑමට ලක්වූ අස්ථියේ කොටසක් සහ ඒ අවට ඇති පටකවලින් සමහරක් ඉවත් කිරීමයි (පිළිකා සෛල පටක වලට පැතිරී ඇත්නම්). අස්ථියේ ඉවත් කරන ලද කොටස ප්‍රථිස්ථාපනය ලෙස හැදින්වෙන ලෝහ කොටසක් සමග බද්ධ කිරීම හෝ ශරීරයේ වෙනත් තැනක ඇති අස්ථි කොටසක් සමග බද්ධ කිරීම සිදුකල හැක (අස්ථි බද්ධය -Bone graft). පිළිකාව දණහිස වැනි සන්ධියක් ආසන්නයේ ඇත්නම, එය ඉවත් කොට කෘතිම එකක් මගින් එය නැවත ස්ථාපිත කිරීම සිදු කල හැකියි. දණහිස් සන්ධිය ප්‍රතිස්ථාපනය සහ උකුල් සන්ධිය ප්‍රථිස්ථාපනය ගැන තවදුරටත් කියවන්න. ගාත්‍රය සම්පූර්ණයෙන්ම කපා දැමීම (Amputation Limb-sparing) ශල්‍යකර්මයන් කල නොහැකි විට හෝ එය හොදින් වැඩ නොකරන විට ගාත්‍රය සම්පුර්ණයෙන් කපා දැමීම (Amputation) අවශ්‍ය විය හැකිය. උදාහරණයක් ලෙස පහත අවස්ථාවන්හිදී එය අත්‍යාවශ්‍ය විය හැක. එනම්:

  • පිළිකාව අස්ථියෙන් ඔබ්බට ප්‍රධාන රුධිර නාලිකා වලට හෝ ස්නායු වලට පැතිරී ඇති විට
  • ලිම්බ් ස්පරින් (Limb-sparing) සැත්කමින් සහ ප්‍රතිස්ථාපනය හෝ අස්ථි බද්ධයකින් පසුව එහි ආසාදනයක් ඇතිවී එය ඉවත් කිරීමට සිදු වූ විට
  • වලලුකර වැනි ලිම්බ් ස්පරින් (Limb-sparing) ශල්‍යකර්මය සිදුකල නොහැකි ශරීරයේ තැන් වලට පිළිකාව පැතිර ඇතිවිට

ගාත්‍රය සම්පූර්ණයෙන්ම කපා දැමීමක් (Amputation) සිදු කිරීම අත්‍යාවශ්‍ය වූ විට ඔබ හෝ ඔබේ දරුවා සිටිනා කම්පනය සහ බිය ඔබේ සේවා කණ්ඩායම විසින් තේරුම් ගනු ඇතු අතර ඔවුන් ඔබට අවශ්‍ය උපදේශනය සහ අනෙකුත් සහයෝගය ලබා දිය යුතුය. සමහර අවස්ථාවන්හිදී ඔබගේ සේවා කණ්ඩායම විසින් දැනටම සම්පූර්ණයෙන්ම ගාත්‍රය කපා දැමීමට ලක් වූ අයෙකුට ඔබව හදුන්වා දෙනු ඇත. මෙම ගාත්‍රා කපා දැමීමෙන් පසු බොහෝ අය විසින් ඉවත් කරනු ලැබූ ගාත්‍රය වෙනුවට කෘත්‍රිම ගාත්‍රයක් භාවිතා කරනු ලබයි. වර්ථමානයේ මෙම ගාත්‍රයන් ඉතා උසස් හා භාවිතා කිරීමට පහසු තත්ත්වයේ පවතී. උදාහරණයක් ලෙස කෘත්‍රිම පාද භාවිතා කරන අයට බොහෝ විට ඇවිදීම, දිවීම සහ ක්‍රීඩා කිරීම සහ උසස් ජීවන තත්ත්වයක් අත් විදීමට හැකියාව ලැබී ඇත. ශල්‍යකර්මයෙන් පසු යථා තත්ත්වයට පත් වීම Limb-sparing ශල්‍යකර්මයකින් පසු හෝ ගාත්‍රය සම්පුර්ණයෙන් කපා දැමීමෙන් පසු ඔබට සාමාන්‍ය ජීවිතයට යාම සදහා අවශ්‍ය උදව් ලැබෙනු ඇත. මෙය පුනරුත්ථාපනය ලෙස හැදින්වේ. පුනරුත්ථාපනය, සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරන ලද ශරීරයේ කොටස නැවත සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පත් කිරීමට උපකාරී වන ව්‍යායාම මාලාවක් සිදු කිරීම, එනම් භෞත චිකිත්සක (Physiotherapy) වාරයන්, සහ එදිනෙදා කටයුතු සිදුකිරීමට උපකාරී වන කුසලතාවයන් උගන්වන, එනම් වෘත්තීමය චිකිත්සාවන් (Occupational therapy) යන ඒවායෙන් සමන්විත වේ. සම්පූර්ණයෙන්ම ගාත්‍රා කපා දැමීමක් සිදු කල පසු, ඔබව ප්‍රාදේශීය අත් පා මධ්‍යස්ථානය වෙත උපදෙස්, සහයෝගය සහ පුනරුත්ථාපන ප්‍රතිකාර සදහා යොමු කෙරෙනු ඇත. කපා දැමූ අතක් හෝ පාදයක් සමග ජීවත් වීම පිලිබඳව තවදුරටත් කියවන්න.

රසායනික චිකිත්සක ප්‍රතිකාර (Chemotherapy)

අස්ථි පිළිකාවකට රසායනික චිකිත්සක ප්‍රතිකාර භාවිතා කල හැකි ආකාර 4ක් පමණ ඇත:

  • ශල්‍යකර්මයට පෙර - පිළිකාව හකුලුවා ලීමට සහ ශල්‍යකර්මය පහසු කර ගැනීමට
  • ශල්‍යකර්මයට පෙර විකිරණ චිකිත්සාව සමග එකතුවක් ලෙස (Chemoradiation) - යූවින් සාර්කෝමා (Ewing sarcoma ) වලට ප්‍රතිකාර කිරීමේදී මෙම ප්‍රවේශය වඩාත් හොදින් ක්‍රියා කරයි
  • ශල්‍යකර්මයට පසුව පිළිකාව නැවත ඇතිවීම වලක්වා ගැනීමට
  • සුව කල නොහැකි අවස්ථාවන්හිදී රෝග ලක්ෂණ පාලනය කිරීම සදහා( මෙය වේදනා නාශක රසායනික චිකිත්සක ප්‍රතිකාර (Palliative chemotherapy ලෙස හැදින්වේ)

අස්ථි පිළිකා සදහා සිදු කරනු ලබන රසායනික චිකිත්සක ප්‍රතිකාර වලට විවිධ වර්ගයේ ඖෂධ ඔබගේ ශිරාවක් තුලට බිංදු වශයෙන් ඇතුලත් කිරීම, හෝ විශාල රුධිර නාලිකාවක් තුලට ඇතුළු කරන ලද මාර්ගයක් මගින් ලබා දීම ද ඇතුලත් වේ. ප්‍රතිකාර සාමාන්‍යයෙන් චක්‍රාකාරව දෙනු ලබයි. මෙම චක්‍රයට, රසායනික චිකිත්සක ප්‍රතිකාර කිහිප දිනක් ගෙන, ඉන්පසුව සති කිහිපයක් විවේකයක් ගැනීම මගින් ප්‍රතිකාර වලින් කරන ලද බලපෑම් වලින් ඔබේ ශරීරයට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඉඩ දීම සිදු කරයි. ඔබට සිදුකල යුතු චක්‍රයන් ගණන ඔබට ඇති අස්ථි පිළිකාවෙහි වර්ගය සහ ශ්‍රේණිය මත රදා පවතී. අතුරු ආබාධ රසායනික චිකිත්සක ප්‍රතිකාර වලට පිළිකා සෛල වලට මෙන්ම නිරෝගී සෛල වලට ද හානි සිදුකල හැකි නිසා, එය බොහෝ අතුරු ආබාධ වලට හේතු විය හැකියි. රසායනික චිකිත්සක ප්‍රතිකාර වල බහුල අතුරු ආබාධ නම්:

රසායනික චිකිත්සක ප්‍රතිකාර හා බැදුණු බොහෝ අතුරු ආබාධයන් ඔබගේ ප්‍රතිකාර අවසන් වූ පසු විසදී යා යුතුයි. කෙසේ වුවද ඔබ ස්ථිරව මද සරු භාවයට පත්වීමේ අවධානමක් ඇත. ඔබගේ සරු භාවයට අදාලව විශේෂිත අවධානම පිලිබඳව ඔබගේ සේවා කණ්ඩායම ඔබට විස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරනු ඇත.

විකිරණ චිකිත්සාව (Radiotherapy)

රසායනික චිකිත්සක ප්‍රතිකාර මෙන්ම, විකිරණ චිකිත්සාව ද ශල්‍යකර්මයට පෙර හා පසු ලෙස අස්ථි පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම සදහා හෝ, සුව කිරීම සිදු කල නොහැකි විට රෝග ලක්ෂණ පාලනයට සහ පිළිකාව පැතිරීම වලක්වා ගැනීමට භාවිතා කල හැකියි. අස්ථි පිළිකා සදහා විකිරණ චිකිත්සාවේදී බාහිර යන්ත්‍රයක් මගින් විකිරණ කදම්භයන් අස්ථියේ පිළිකාව සහිත කොටස් වලට එල්ල කරනු ලැබීම සිදු කරයි. මෙය සාමාන්‍යයෙන් දිනපතා වාරයන් ලෙස සිදු කරන අතර එක් වාරයක් විනාඩි කිහිපයක් කල් පවතින ලෙස සතියකට දින 5ක් ලබා දෙයි. මුළු ප්‍රතිකාර මාලාවම සාමාන්‍යයෙන් සති කිහිපයක් පමණ පවතී. අතුරු ආබාධ විකිරණ චිකිත්සාව අතරතුර ඔබ නිරාවරණය වන විකිරණ වැඩි වශයෙන් පිළිකා සෛල කෙරෙහි අවධානය යොමු කරන මුත්, ඒ ආසන්නයේ ඇති නීරෝගී සෛල වලට ද හානි සිදු කල හැකිය. මෙය මගින් පහත ඒවා වැනි අතුරු ආබාධ වලට ‍යොමු විය හැක, එනම්:

  • සම රතුවීම සහ උද්දීපනය (මෙය බොහෝ විට හිරු රශ්මියට පිලිස්සීමක් ලෙස දැනෙයි)
  • ප්‍රතිකාරයට ලක් කරන ලද ශරීර කොටසක සන්ධි වල වේදනාවක්
  • අසනීප ගතියක් දැනීම (ඔක්කාරය ඇතිවීම)
  • ප්‍රතිකාරයට ලක් වූ ශරීරයේ කොටසේ රෝම ගැලවී යාම
  • මහන්සිය

මෙම අතුරු ආබාධයන් විකිරණ චිකිත්සාව සම්පූර්ණ වූ පසුව මග හැරී යන මුත්, මහන්සි ගතියක් දැනීම සති කිහිපයක් පුරා දිගට පැවතිය හැක.

මිෆැමියුටයිඩ් (Mifamurtide)

ඔස්ටියෝසාර්කෝමා (Osteosarcoma) ලෙස හැදින්වෙන අස්ථි පිළිකා වර්ගයට ඉහත විස්තර කරන ලද ප්‍රතිකාර වලට අමතරව මිෆැමියුටයිඩ් (Mifamurtide) නම් ඖෂධයක් ද භාවිතා කල හැකියි. මිෆැමියුටයිඩ් (Mifamurtide) යනු ප්‍රතිශක්තිකරණ මහාභක්ෂානු උත්තේජකයකි. මෙහි තේරුම නම් එය පිළිකා සෛල විනාශ කිරීමට විශේෂඥ වූ සෛල, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිපදවීම උත්තේජනය කරයි. එය සාමාන්‍යයෙන් ඉහල ශ්‍රේණියේ ඔස්ටියෝසාර්කෝමා ඇති තරුණ අයට රසායනික චිකිත්සක ප්‍රතිකාර සමග ශල්‍යකර්මයට පසුව දෙන අතර, එය පිළිකාව නැවත ඇතිවීම වැලැක්වීමට උපකාරී වේ.
මිෆැමියුටයිඩ් (Mifamurtide) ඔබගේ ශිරාවකට පැයක් පුරා සෙමින් ඇතුලත් කරනු ලබයි (මෙය ඉන්ෆියුෂන් (Infusion) ලෙස හදුන්වනු ලබයි). නිර්දේශිත ප්‍රතිකාර මාලාව සාමාන්‍යයෙන් සතියකට දෙවරක් සති 12ක් පුරාවට, සහ පසුව සතියකට වරක් තවත් සති 24ක් පුරාවට ද දෙනු ලබයි. අතුරු ආබාධ මිෆැමියුටයිඩ් (Mifamurtide) වලට පුළුල් පරාසයක අතුරු ආබාධ ඇතිකල හැකියි. මේවාට ඇතුළත් වන්නේ:

  • ඔක්කාරය හා වමනය
  • පාචනය හෝ මලබද්ධය
  • හිසරදය
  • ක්ලාන්ත ගතිය
  • ආහාර රුචිය නැතිවීම
  • වෙහෙසකාරී බව සහ දුර්වල ගතිය

ගර්භණී කාලය අතරතුර මිෆැමියුටයිඩ් (Mifamurtide) ගැනීම සුදුසු ද යන්න පැහැදිලි නොමැති නිසා, ඔබ ලිංගිකව සක්‍රිය කාන්තාවක් නම් ඵලදායී උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම වැදගත් ආරක්ෂාකාරි පියවරකි. ඔබ ගර්භණී යැයි ඔබට සිතුනු වහාම එය ඔබේ බහු විනය කණ්ඩායම (MDT) ට කිවයුතු අතර, මිෆැමියුටයිඩ් (Mifamurtide) ගන්නා විට ඔබ කිරි දීමෙන් වැලකී සිටිය යුතුයි.

පසු කාලීන සොයා බැලීම්

ඔබේ ප්‍රතිකාර අවසන් වීමෙන් පසු, ඔබ නිතිපතා පසු විපරම් කිරීමේ අවස්ථාවන්ට සහභාගී වී පිළිකාව නැවත ඇතිවී නොමැති බව සොයා බැලිය යුතුය. ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව පළමු වසර 2 තුල ඔබට නිතිපතා පරීක්ෂාවන් කිරීමට සහභාගී වන ලෙසට පවසනු ඇත - බොහෝවිට සෑම මාස 3 කට වරක්ම. වසර ගත වීමත් සමගම මේවායේ නිරන්තර බව අඩුවනු ඇත. අස්ථි පිළිකාවෙහි රෝග ලක්ෂණ නැවත වර්ධනය වුවහොත් සහ පිළිකාව නැවත පැමිණ ඇතැයි සිතෙනවා නම් ඔබේ වෛද්‍යතුමා හෝ විශේෂඥවරයා සමග සම්බන්ධ වන්න.